Thursday, August 15, 2013

ලැප්ටොප් පරිගනකයක බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු

                                                                ලැප්ටොප් පරිගණක අලුතෙන්ම ගතිපු කාලයේදී එය පැය 3.30ක් 4 ක් සමහර වෙලාවට ඊටත් වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කර තියන්න පුළුවන්.ඒත් කාලයක් ගතවන විට එහි ආයු කාලය අඩුවීම හැමෝම වගේ මුහුණදෙන ප්‍රශ්නයක්.

                                               ලැප්ටොප් පරිගණකයක බැටරිය සම්පුර්ණයෙන්ම අවසන් වී ස්වයන්ක්‍රියව ඕෆ් වන තෙක් ක්‍රියා කිරීම, බැටරියේ ආයු කාලය අඩු වීමට එක හේතුවක්.බැටරියේ චාර්ජ් ප්‍රමාණය අඩු වන විට එය චාර්ජ් කල යුතුමය.එමෙන්ම සෑම විටකම ප්‍රධාන විදුලියට සම්බන්ධ කර ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීම සුදුසු නැත.බැටරිය ආරෝපණය වෙන්නත් යම් තරමකින් බැස යාමටත් ඉඩ දීම කල යුතුය.එවිට බැටරිය ක්‍රියාකාරී වේ.

                                                   පරිගණකය ක්‍රියාත්මක කරන විට එහි තිරයේ දීප්තිය අඩු අගයක තබා ගත යුතුය.භාවිතා කරන්න්නාගේ ද ඇස් වල ආරක්ෂාවට එය සුදුසුය.තිරයේ දීප්තිය අඩු කරගෙන භාවිත කිරීමෙන් බැටරිය වැඩි කාලයක් භාවිතා කල හැකිය.Wireless  Dongle  එකක් ක්‍රියාත්මක කරන විට බැටරියෙන් විදුලිය ලැබ ගැනීම නිසාත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා.පරිගණක ක්‍රීඩා කිරීමේදීත් ආයු කාලය අඩු වෙන බව මතකයේ තබාගන්න.

මොකක්ද මේ WhatsApp කියන්නේ?

                  

                                 අද WhatsApp Messenger භාවිතා කරන ප්‍රමාණය ඇති විශාලයි.  http://www.whatsapp.com/ මෙම වෙබ් අඩවියෙන් දෙන ඇප්ලිකේෂන් එක ඩව්න්ලෝඩ් කර ගත් විට ඒ  හරහා  ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙකුට නොමිලේ SMS යවන්න පුළුවන්.
                                                        
        Android සහ Nokiya ෆෝන් සමඟ  මෙන්ම  Iphone,BlackBerry,Anroid,Windows Phone  සමඟද ක්‍රියා කරන නිසා ඉතා පහසුවෙන් මේ හරහා SMS යැවිය හැකිය.

                                                              

Wednesday, August 14, 2013

Smart Phone භාවිතා කරනවා නම් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න



                                                  අද ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි.ඒක තමයි දැන් කාලයේ අලුත්ම fashion එක .එක අතකට ඒක එහෙම නෙමෙයි කියන්නත් බෑ.සාමාන්‍ය ෆෝන් එකකට වඩා ගොඩක් දේවල් ස්මාර්ට් ෆෝන් එකකින් කරන්න පුළුවන්නේ.Touch screen , විවිධ application ඩව්න්ලෝඩ් කිරීමේ හැකියාව , අන්තර්ජාලයට ඉක්මනින්ම සම්බන්ධ වීමේ හැකියාවත් ,.... තව තව ගොඩක් දේවල් ඒකට හේතු වෙනවා.

                        නමුත් අද ස්මාර්ට් ෆෝන්  භාවිතය සෞක්‍යට අහිතකර බව වෛද්‍ය පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා.වැඩිපුරම ඇතිවූ ගැටලුව බෙල්ලේ සහ කොන්දේ අභාදයි.ෆෝන් තිරය මතම බලාගෙන සුව පහසු ඉරියව්වකින් නොසිටීමත් ,බෙල්ල නුහුරට හරවාගෙන සිටීමත් එයට හේතුවයි.අද කාලයේ වැඩිහිටියන් කරන ලොකුම වරද තමන්ගේ ළමයින්ට පොඩි කාලෙදිම ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන දීම.ඒ  නිසා පොඩි කාලෙදිම ඔවුන් ලෙඩ රෝග වලට භාජනය වෙනවා.


      
                        ස්මාර්ට් ෆෝන් නෙමෙයි හැම ෆෝන් එකකින්ම කතා කරද්දී විද්‍යුත් චුම්භක තරංග පිටවෙනවා.ඒවා අපේ මොලය හරහා යන නිසා පිලිකා තත්ත්ව ඇතිවීම බහුලව සිදුවෙනවා.ස්මාර්ට් ෆෝන් වලින් නිකුත්වෙන සමහර ශබ්ධ ඉතා තියුණු නිසා ඒවා දිගු කාලයක් ඇසීමෙන් මානසික ආතතීන්ද ඇතිවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.ඒ වගේම touch screen භාවිතය නිසා අතේ ඇගිලි පුරුක් සන්ධි රෝගී කරනවා.
                                       
                                  මේ කරුනුත් හොදට හිතේ තියාගෙනම ඔබත් ස්මාර්ට් ෆෝන් ඒක පාවිච්චි කරනවා නම් හොදයි කියලා මම හිතනවා.

ඔපෙරා වෙබ් බ්‍රව්සරය

                                      
                    දැනට ලෝකයේ වෙබ් බ්‍රව්සර් කිහිපයක්ම භාවිතා කරනවා.Mozilla Firefox,Google Chrome ,Explore , Apple Safari ඒවායින් කිහිපයක්.ඔපෙරා ගැනත් අහලා ඇති නේද?? දැනට ලෝකයේ ඉතා විශාල ප්‍රමාණයක් මේ බ්‍රව්සර් එක භාවිතා කරනවා.පසුගිය ජුලි මාසයේ අලුත්ම ඔපෙරා 15 සංස්කරණයක් එලි දැක්වුවා.ඔබටත් අවශ්‍ය නම් නොමිලේ ඩව්න්ලෝඩ් (Free Download) කරගන්න පුළුවන්.මේ අලුත්ම ඔපෙරා 15භාවිතය හරිම පහසු වගේම ගොඩක් වාසිදායකයි.මෙහි හඬ හඳුනා ගැනීමේ තාක්ෂනයක්ද ඇතුලත් කරලා තියෙනවා.මෙම බ්‍රව්සරය ඉතාමත් වේගවත් වීම අනෙක් වාසියයි.ෆේස්බූක් .ට්විටර් .වල්ඩ්ප්‍රෙස් වැනි සමාජ වෙබ් අඩවි ඉක්මනින්ම ඔපෙරාහී ක්‍රියාත්මක වෙයි.මෙය වින්ඩෝස් 8 සමඟද ඉතා හොදින් ක්‍රියා කරයි.දැනට වෙබ් අඩවි ඇති විශාල පරමනයක් තිබුනත් අපි ඔපෙරා වලින් search කරන මාතෘකාවට අදාල හොදම තොරතුරු ඇතුලත් වෙබ් අඩවි පෙන්වීම මෙහි ඇති ව්ශේෂ ලක්ෂණයක්.ඒ වගේම අන්තර්ජාලයේ තිබෙන වංචාකාරී වෙබ් අඩවි මෙම බ්‍රව්සර් එකෙන් searchකල විටදී open වෙන්නේ නැත.එය ඉතා ආරක්ෂාකාරී ක්‍රමයකි.ජංගම දුරකථන සඳහා ඔපෙරා මිනි (Opera Mini ) බ්‍රව්සරය භාවිතා කරයි.මෙහිදී සොයන වෙබ් පිටු ජංගම දුරකතනයේ ස්ක්‍රීන් එකට ගැලපෙන සේ පෙන්වයි.

ඔපෙරා බ්‍රව්සරය නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එක click කරන්න.


                                    http://www.opera.com/computer