අද ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි.ඒක තමයි දැන් කාලයේ අලුත්ම fashion එක .එක අතකට ඒක එහෙම නෙමෙයි කියන්නත් බෑ.සාමාන්‍ය ෆෝන් එකකට වඩා ගොඩක් දේවල් ස්මාර්ට් ෆෝන් එකකින් කරන්න පුළුවන්නේ.Touch screen , විවිධ application ඩව්න්ලෝඩ් කිරීමේ හැකියාව , අන්තර්ජාලයට ඉක්මනින්ම සම්බන්ධ වීමේ හැකියාවත් ,.... තව තව ගොඩක් දේවල් ඒකට හේතු වෙනවා.
නමුත් අද ස්මාර්ට් ෆෝන් භාවිතය සෞක්යට අහිතකර බව වෛද්‍ය පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා.වැඩිපුරම ඇතිවූ ගැටලුව බෙල්ලේ සහ කොන්දේ අභාදයි.ෆෝන් තිරය මතම බලාගෙන සුව පහසු ඉරියව්වකින් නොසිටීමත් ,බෙල්ල නුහුරට හරවාගෙන සිටීමත් එයට හේතුවයි.අද කාලයේ වැඩිහිටියන් කරන ලොකුම වරද තමන්ගේ ළමයින්ට පොඩි කාලෙදිම ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන දීම.ඒ නිසා පොඩි කාලෙදිම ඔවුන් ලෙඩ රෝග වලට භාජනය වෙනවා.
ස්මාර්ට් ෆෝන් නෙමෙයි හැම ෆෝන් එකකින්ම කතා කරද්දී විද්‍යුත් චුම්භක තරංග පිටවෙනවා.ඒවා අපේ මොලය හරහා යන නිසා පිලිකා තත්ත්ව ඇතිවීම බහුලව සිදුවෙනවා.ස්මාර්ට් ෆෝන් වලින් නිකුත්වෙන සමහර ශබ්ධ ඉතා තියුණු නිසා ඒවා දිගු කාලයක් ඇසීමෙන් මානසික ආතතීන්ද ඇතිවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.ඒ වගේම touch screen භාවිතය නිසා අතේ ඇගිලි පුරුක් සන්ධි රෝගී කරනවා.
මේ කරුනුත් හොදට හිතේ තියාගෙනම ඔබත් ස්මාර්ට් ෆෝන් ඒක පාවිච්චි කරනවා නම් හොදයි කියලා මම හිතනවා.


මේවයි තියෙන ඇප්ලිකෙෂන්ස් භාවිතා කරද්දී ඒවාට ඇඩික්ට් නොවී කරනවා නම් එච්චරම ගැටලුවක් නෑ නේද...?
ReplyDeleteඔව් ඔව් ඒක ඇත්ත.ඒත් එහෙම නැති එකනෙ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ..
Delete